සජිත්ට හංසයත් නැතිවෙයිද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

සජිත්ට හංසයත් නැතිවෙයිද ?

සජිත්ට හංසයත් නැතිවෙයිද ?

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගන්නේ නම් වසර පහක් ඉක්මවෙන තෙක් එම සලකුණ යළි පෙර පැවති පක්ෂයට ලබා දිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබේ

.

එම නිසා "හංසයා", ලකුණ සමගි ජන බලවේගයට භාවිත කිරීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹීම සිදු නොවූ බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

සමගි ජන බලවේගයේ ලකුණ ලෙස හංසයා තෝරා ගැනීමට කෘත්‍යාධීකාරී මණ්ඩලය ගත් තීන්දුවකට අනුව මැතිවරණ කොමිසමේ මතය විමසීමට පැමිණි අවස්ථාවේදී  මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

 

එමෙන්ම , සමගි ජන බලවේගයේ ලකුණ ලෙස "හංසයා" යොදා ගැනීමට හැකියාව ඇත්ද යන්න සොයා බැලීම සඳහා අදාළ පක්ෂවල මහලේකම්වරු මැතිවරණ කොමිසම වෙත පැමිණියේය. 

views

610 Views

Comments

arrow-up