රත්ගම ඝාතනයේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම

යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වුයේ මාවඩවිලගේ නිලුක්ෂ මධුශාන් ජයලත්, හලු කීර්ති දිනේෂ් කුමාර, යද්දෙහි නිසල් චන්දන, දඩල්ලගේ ගයාන් සම්පත්, දේනෙත්ති අනුර ප්‍රියන්ත, අගම්පොඩි ඉන්දික ප්‍රසාද් කුමාර විත්තිකරුවන් හයදෙනාටය.
රත්ගම පොලිස් වසමට අයත් කටුදම්පේදි 2011 ජනවාරි 29 වැනි දින දෙහිගහගේ ගයා චමින්ද නමැති 30 හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරීම, එම ක්‍රියාකලාපයේදිම කස්තුරි ඇල්සන් යන අයට පහරදී තුවාල කිරීම අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
සිද්ධිය වූ දින රාත්‍රි 9.05ට පමණ මියගිය අයගේ නිවස ඉදිරිපිට පිරිමි ළමයින් තිදෙනෙකු ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එම අවස්ථාවේ එම දෙදරු පියා නිවසින් පිටතට පැමිණ ආරවුල නතරකර ඇති බවත්, පසුව ත්‍රිරෝද රථයකින් පැමිණි විත්තිකරුවන් ඔහුට යකඩ පොලුවලින් පහරදී ඔහුගේ සීයාටද තුවාල කර ඇති බවත් පැමිණිලිකරු කියා සිටියේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියේ පැමිණිල්ලේ සාක්කි අනුවත් මියගිය අයගේ තුවාල පිළිබඳව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අනුවත් විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් ඔප්පුකර ඇති බවය.
701 Views
Comments