මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ හමුවක්

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ හමුවක්


ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් මැතිවරණ කොමිෂන් සභාව  විසින් කැඳවා තිබේ.

 

අද (22) පෙරවරු 10.30ට මැතිවරණ කොමිෂන් සභාවේ දි මෙම හමුව මැතිවර ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

මෙහිදි ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ජනධිපති ධුර අපේක්ෂකයින් සහ පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

ඡන්ද පත්‍රිකාව /මෙන්ම ජනාධිපතිවරණය සහ ඡන්ද ගණන කිරීමේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ද මෙහිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුවත් කිරීමට නියමිතයි.

views

640 Views

Comments

arrow-up