රාජ්‍ය දෙපළ භාවිත කර දේශපාලන ප්‍රචාරණ තහනම්

රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් බව සදහන්.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, මහජන මුදල් වැය කරමින් කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් සහ ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සවවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය කෙරෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි.
එවැනි අවස්ථා පිළිබඳ පැමිණිලි කොමිසමට ඉදිරිපත් කරන්නැයි ද ජාතික මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.
634 Views
Comments