ගාල්ල - මාතර සියලු පාසල් 26 හා 27 දාත් වසා දැමේ

අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26දා) හා අනිද්දා (27දා) වසා දමන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කරනවා.
එම පාසල්වලට ඊයේ (24දා) හා අද (25දා) දිනයේදීත් නිවාඩු ලබා දී තිබෙනවා.
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි දකුණු පළාත් අණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා සදහන් කරන්නේ.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ සියලු පාසල් හෙට හා අනිද්දා දිනයේ සුපුරුදු පරිදි පැවැත්වෙන බවයි.
615 Views
Comments