ජනපතිගේ උපදෙස් පරිදි පොලීසියේ 31000කට උසස්වීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

ජනපතිගේ උපදෙස් පරිදි පොලීසියේ 31000කට උසස්වීම්

ජනපතිගේ උපදෙස් පරිදි පොලීසියේ 31000කට උසස්වීම්

දීර්ඝ කාලිනව උසස්වීම් නොලැබු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා පොලිස් නිලධාරීන් 31,000කට අධික ප්‍රමාණයකට උසස්වීම් ලබාදීමට අදාළ සියලු ආයතනවල අනුමැතිය හිමිව තිබෙනවා.

 

විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස් පරිදි ඉදිරිපත් කරන ලද උසස්වීම් යෝජනාවලියට අදාළව ජාතික පොලිස් කොමිසමේ, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුව යන සියලු ආයතනවල අනුමැතිය හිමිව තිබෙනවා.

 

ඒ අනුව 2019-01-01, 2020-01-01 සහ 2021-01-01 යන කාණ්ඩ තුනකට අයත් නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සැළකිල්ලට ගනිමින් උසස්වීම් ලබාදීමට යෝජනා වූ අතර  2019 ජනවාරි මස 01 දා සිට ක්‍රියාතක්මක වන පරිදි පළමු කාණ්ඩයට අයත් පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා ඇති නිලධාරීන් සහ නිලධාරීනියන් ඇතුළු 5824ක් වූ පිරිසකට අදාළ උසස්වීම් කඩිනමින් ලබාදීමට නියමිතයි.

views

588 Views

Comments

arrow-up