පුතා කැළයට විසිකළ මවගේ සිරුර වගා ළිඳෙන් ගොඩ ගනී

හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල පිටවින් ඉහළ කොටසේ පදිංචිව සිට මිය ගොස් සිටි කාන්තාවකගේ සිරුර නිවස පිටුපස වගා ළිඳක දමා තිබියදී හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා ඉදිරියේ අද (13) ගොඩ ගත්තා.
මෙලෙස මිය ගොස් තිබුණේ 81 හැවිරිදි වල්ලිඅම්මා රගෙයි නැමති එක් දරු මවක්.
පසුගිය 9 දින එම එක් දරු මව නිවසේදි මිය ගිය බව පවසමින් ඇගේ පුතා විසින් මවගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බව පවසා සිරුර කැළයකට ගොස් දමන බව පවසමින් ඔහු විසින් සිරුර රැගෙන ගිය බවට ලේලිය විසින් වටවල පොලිසියට ප්‍රකාශයක් දී තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වටවල පොලිසියේ නිලධාරීන් ඊයේ (12) මියගිය කාන්තාවගේ අවුරුදු 8 වයසැති බාල මුණුබුරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමේදී ඔහු කී කතාව රටම කම්පනය කරන කතාවක් වුණා.
තම මිත්තණියට පියා, මව සහ අයියා විසින් පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත් පසුව ආච්චිගේ දෑස්වලින් සහ මුහුණෙන් ලේ ගැලීමෙන් පසුව ආච්චිව උරයක දමාගෙන ආච්චිව පියා රැගෙන ගිය බවත් ඔහු පවසා තිබෙනවා.
බාල මුණුබුරාගේ ප්‍රකාශය අනුව වටවල පොලිසිය විසින් ලේලිව මුලින්ම සැකපිට අත්අඩංගුවට ගෙන ඇය සමග කොළඹ ප්‍රදේශයට ගොස් සැගව සිටි සැමියා සහ වැඩිමහල් පුතාව ඊයේ දහවල් (12) සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකපිට අත්අඩංගුවට ගත් පුතාගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදි තම මවගේ සිරුර නිවස පිටුපස අතහැර දමා ඇති වගා ළිඳකට දමා වසා දැමු බව පවසා තිබෙනවා.
පසුව සැකකරුවන් එම ස්ථානයට රැගෙන විත් හැටන් වැඩබලන මහෙස්ත්‍රාත් සහ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කලන ලොකුහේවගේ මහතා ඉදිරියේ සිරුර ගොඩ ගෙන සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහෙස්ත්‍රාත් නියෝගය මත දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළා.
මෙය ඝාතනයක් ද නැතහොත් ස්වාභාවික මරණයක් ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු තහවුරු කර ගත හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි වටවල පොලිසිය පවසන්නේ.
මවගේ සිරුර රෙදි කැබිලිවල ඔතා උරයක බහා වගා ළිඳට දමා සිරුරට උඩින් සිරුර ගොඩ නොයෙන ලෙස විශාල ගල් කිහිපයක් ද සැකකරුවන් විසින් වගා ළිඳට දමා තිබු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
599 Views
Comments