MCC මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරි 31
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

MCC මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරි 31

MCC මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරි 31


ශ්‍රී ලංකා රජය අමෙරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත යැයි පැවසෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය (MCC), SOFA ගිවිසුම හෝ වෙනත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ජනවාරි මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින නියම කළා.

 


මෙම පෙත්සම් අද දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නොතීසි වග උත්තරකරුවන් වෙත නොලැබී ඇති බව පවසා සිටියා.

 


ඒ අනුව වග උත්තරකරුවන් වෙත නොතීසි ලැබී ඇත්දැයි යන්න සොයා බැලීමට මෙම පෙත්සම් දෙසැම්බර් මස 13 වැනිදා කැඳවීමට නියමිතයි.මෙම  පෙත්සම්වල වගඋත්තරකරු ලෙසට  මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය නම් කර තිබෙනවා.


යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් අමෙරිකානු හමුව මෙරට ස්ථානගත වී මෙරට ජනතවගේ අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බව පෙත්සම්කරු පවසා සිටියි.

 


මෙම ගිවිසුම් තුළින් පෙත්සම්කරුවන්ගේ සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශයට පත් කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

views

633 Views

Comments

arrow-up