ඩෙංගු යළි හිස ඔසවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
06

ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු යළි හිස ඔසවයි


මේ වසර තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් හැට හතර දාහසකට අධික පිරිසක්  වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

 


 ඉන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ  බස්නාහිර පළාතෙන්. 
ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය බවට සැලකෙන මරණ 85ක් වාර්තා වී තිබේ.

 


එමෙන්ම මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් වර්ෂාපතනයත් සමඟ කොළඹ, ගම්පහ සහ මහනුවර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක මදුරු ගහනය වර්ධනය වී ඇත 
මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුකළ යුතු බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

 

views

831 Views

Comments

arrow-up