කොළඹ යනවනම් පරිස්සමෙන්

කොළඹ නගරයේ වායු දූෂණය සාමාන්‍ය තත්ත්වයට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව හෙළිව තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන මීදුම් තත්ත්වය ඉන්දියාවේ පවතින වායු දූෂණයේ ප්‍රතිඵලයක් මත ඇතිවූවක් ද යන්න පිළිබඳ පරීක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය සඳහන් කළේ, කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම තත්ත්වය ඊයේ වාර්තා වූ බවයි.
ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යාම මෙම තත්ත්වයට එක් හේතුවක් විය හැකි බව පරිසර වේදීන් පවසයි.
මේ නිසා ශ්වසන ආබාධවලින් පසුවන පුද්ගලයින් කොළඹ නගරය ආශ්‍රිතව ගැවසීමේදී මුව ආවරණ පැළඳීමට සැලකිලිමත්විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දුෂණය මේ වන විට සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති අතර මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද එම නගරය ආශ්‍රිතව ප්‍රකාශයට පත් කර ඇත.
1556 Views
Comments