වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙක් කරාපිටිය රෝහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙක් කරාපිටිය රෝහලට

වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙක් කරාපිටිය රෝහලට

පිටිගල, ගොඩඅමුණ ප්‍රදේශයේ එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු අතර ඊයේ රාත්‍රී ඇති වූ ආරවුලකදී පුද්ගලයකුට වෙඩි තබා ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ද වෙඩි තැබූ බව කියන පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයා සහ තුවාල ලැබූ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා යන දෙදෙනාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

views

816 Views

Comments

arrow-up