SEP
25
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය අධීක්ෂණ සේවාවට ඇතිව තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අද (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරනවා.
දුම්රිය ස්ථානාධිපති, එංජින් රියදුරන්, අධීක්ෂණ නිලධාරීන්, පාලකවරුන්, නියාමකවරුන් මෙම වර්ජනයට එක්වීමට නියමිතයි.
689 Views
Comments