ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
19

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිට

ඊයේ(18) රාත්‍රියේ ගැසට් නිවේදනයක් මඟින් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන බවට කර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට අද(19) සිට ඔක්තෝම්බර් මස 6 වනදා දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව සැළසෙන අතර ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම ඔක්තෝම්බර් මස හත්වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා සිදු කිරීමට නියමිතයි.

 

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන පරිදි ජනාධිපතිවරණ අපේක්ෂකයින් සම්බන්ධයෙන් විරෝධතා භාරගැනීම ඔක්තෝම්බර් මස 7 වන දින පෙරවරු 11.30 දක්වා සිදු කෙරෙනු ඇති.

 

පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් පනස් දහසක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර, ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් හැත්තෑපන්දහසක් වනවා.

 

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදහස් අනූ හයකි.

 

ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ 17 කින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව තරඟ කරන බවට දැනුවත් කර ඇති අතර ජනාධිපතිවරණය 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වීමට නියමිතයි.

 

views

593 Views

Comments

arrow-up