ජනාධිපතිවරණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා පෙත්සමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

ජනාධිපතිවරණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ජනාධිපතිවරණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ජනාධිපතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

 

එසේම ජනාධිපතිවරණය සඳහා ලබන 07 දා නාමයෝජනා පත්‍ර  භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

 

ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

 

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවත් එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින්  ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

 

මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් සඳහන් කරනවා.

views

546 Views

Comments

arrow-up