නෙළුම් කුළුණ වෙනුවෙන් සමරු මුද්දරයක්

දකුණු ආසියාවේ විශාලතම කුළුන වන නෙළුම් කුළුණ ලබන 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට සූදානම් බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.
එම විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මඟින් රු. 45.00ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් (16) වැනිදා නිකුත් කෙරෙනු ඇති.
මුද්දර නිර්මාණ ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග එම මුද්දරය නිර්මාණය කළා.
මීටර් 350ක් පමණ උස, තට්ටු 17කින් සමන්විත මෙම කුළුණ නිර්මාණය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 104ක මුදලක් වැය වී ඇති බවද, චීනයෙන් ඉන් 80%ක වියදමක් දරා ඇති බවද පැවසෙනවා. මෙය සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම් ශාලා ආදී පහසුම්වලින් සමන්විතයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවීමට නියමිතයි.
825 Views
Comments