2019දී නුවරඑළියේත් ත්‍රස්ත පුහුණු කඳවුරක් තිබිලා !
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

2019දී නුවරඑළියේත් ත්‍රස්ත පුහුණු කඳවුරක් තිබිලා !

2019දී නුවරඑළියේත් ත්‍රස්ත පුහුණු කඳවුරක් තිබිලා !

2019 පෙබරවාරි මාසයේදී නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්ත පුහුණු කදවුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය දැනුම් දී තිබූ බව පොලිස් අධිකාරී වික්‍රමසේකර මහතා ප්‍රකාශ කරනවා.

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් මොහොමඞ් සහරාන් යන නම සඳහන් වූයේ ද යන්න කොමිසම මෙහිදී වික්‍රමසේකර මහතාගෙන් විමසා සිටියා.

 

ඊට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ 2019 වසරේ පෙබරවාරි මාසයේ දිනකදී යම් අවස්ථාවක එම නම සඳහන් වූ බව තමාට මතක බවයි.

 

නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි පුහුණු කඳවුර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ කුමන කාලයකදීදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ 2019 වසරේ පෙබරවාරි මාසය වන විට රාජ්‍ය බුද්ධි සේවය මඟින් ඒ සම්බන්ධයෙන් දැනුම් දී තිබූ බවයි.

 

ආමි මොහිදීන් නැමැත්තාගෙන් සහරාන් හෂීම් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබා ගැනීමට හැකිවූයේද යන්න කොමිසම මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් ආමි මොහිදීන් නැමැත්තා ලබා දුන් තොරතුරු නිවැරදිම ඒවාදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි වික්‍රමසේකර මහතා පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ.

 

views

819 Views

Comments

arrow-up