කැලණිය බෝ සමිඳූන් ඉදිරියේ මහින්ද, අගමැති ධුරයේ දිවුරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

කැලණිය බෝ සමිඳූන් ඉදිරියේ මහින්ද, අගමැති ධුරයේ දිවුරයි

කැලණිය බෝ සමිඳූන් ඉදිරියේ මහින්ද, අගමැති ධුරයේ දිවුරයි

09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ කැලණිය රජමහා විහාරස්ථානයේ දීයි.

 

මෙරට 28 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් දිවුරුම් දෙනු ලැබිය.

 

මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.

 

1945 වසරේ උපත ලැබු මහින්ද රාජපක්ෂ මහතා 1967 දේශපාලනයට පිවිසි අතර 1970 දී මෙරට ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පළමුවරට තේරී පත්වුණි.

 

2004,2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිව්වන වරටයි.

 

2005 වසරේ සිට 2015 දක්වා මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කර රට මුදාගැනීමට නායකත්වය ලබාදුන්නේය.

 

2015 වසරේ දී අනපේක්ෂිත පරාජයක් ලැබුව ද යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් විපක්ෂ නායකවරයෙකු ලෙසත් ජනතා දේශපාලනයට කැපවූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.

 

views

810 Views

Comments

arrow-up