AUG
09
තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

අගෝස්තු 5 වන දා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මැතිවරණ කොමිසම විසින් එම ගැසට් නිවේදනය ඊයේ (08) රාත්‍රියේ නිකුත් කර තිබේ.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත්‍රීවරුන්ගේ නම් අදාළ ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබේ.
945 Views
Comments