ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන අපේ ජනබල පක්ෂයේ මතගැටුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
09

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන අපේ ජනබල පක්ෂයේ මතගැටුමක්

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගැන අපේ ජනබල පක්ෂයේ මතගැටුමක්

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම ලබා ගන්න ලද අතර එම මන්ත්‍රී දූරයේ හිමිකම පිළිබඳව අර්බුදකාරී වාතාවරණයක් ඇති වී ඇත.

 

මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් විය යුතු බවට එක් පාර්ශවයකුත් එම මන්ත්‍රී ධූරය අතුරලියේ රතන හිමියන්ට හිමි විය යුතු බවට තවත් පාර්ශවයකුත් මත පළ කර සිටියි.

 

කෙසේ වෙතත්, ඥානසාර හිමියන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් ජාතික ලැයිස්තුවෙහි ඇතුළත් නොවන අතර, මෙවර මහමැතිවරණය සඳහා තරඟ කිරීමට උන්වහන්සේ ලබාදුන් නාම යෝජනාව ද ප්‍රතික්ෂේප විය.

 

එමෙන්ම, එහි මහලේකම් පූජ්‍ය වෙදිනගම විමලතිස්ස හිමි විසින් තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තෝරාපත් කරගෙන ඇති බව සඳහන් කෙරෙන ලිපියක් මැතිවරණ කොමිසම වෙත භාරදීම හේතුවෙන් එම පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වය තවත් තීව්‍ර වී තිබෙනවා.

 

views

737 Views

Comments

arrow-up