ගතවූ පැය 24ට රිය අනතුරු වලින් 09දෙනෙකු මරුට

ගතවූ පැය 24 තුළ රිය අනතුරු 90 ක් වාර්තා වී ඇති අතර එම අනතුරු වලින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
පසුගිය දෙසැම්බර් 20වන දින සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවඒ මහතා සඳහන් කළේ.
එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළා.
මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
731 Views
Comments