සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
27

සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්

සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්

හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙකුත් සියළුම ප්‍රදේශවල සිනමා ශාලා ජනවාරි පළමුවෙනිදා සිට විවෘත කිරීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර ලබාදී තිබෙනවා.

 

කොරෝනා වසංගතය ආරම්භයේ සිටම සෞඛ්‍ය හේතූන් මත සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට මෙන්ම කලාකරුවන්ට දැඩි ලෙස හානියක් සිදුවූ බව චිත්‍රපට නිෂ්පාදකයින් අධ්‍යක්ෂකවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන් ගේ සංගමය ඇතුළු කලාකරුවන් අග්‍රාමාත්‍යවරයා ව පසුගියදා දැනුවත් කළා.

 

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව නිරෝධායන නීති අකුරටම පිළිපදිමින් සිනමා ශාලා විවෘත කර එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

 

සිනමා ශාලා විවෘත කිරීමට පෙර සියලුම සිනමා ශාලා විෂබීජ හරණයට ලක් කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

 

සිනමා ශාලා විවෘත කිරීමත් සමඟ එහි පැමිණෙන ප්‍රේක්ෂකයින්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට ගරු කරමින් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දෙන්නේ.

 

 

 

views

573 Views

Comments

arrow-up