පැනගිය කොවිඩ් ආසාදිත තරුණයා තරුණියක් සමග සිටියදී සොයාගැනේ

තම නිවෙසේ නිරෝධායනයට ලක් කරමින් තිබිය දී පැනගිය බව කියන කොවිඩ් ආසාදිත අවුරුදු විසි දෙහැවිරිදි තරුණයා මාකොල උතුර ප්‍රදේශයේ සිටියදී සොයාගෙන තිබෙනවා.
ඊයේ සවස් කාලයේදි මෙම ආසාදිත තරුණයා අතුරුදහන් වූ අතර පසුව පෙම්වතිය බව කියන තවත් තරුණියකගේ නිවසේ සැඟව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කොවිඩ් වෛරසය ආසාදිත බවට හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණයකට ලක් කර ඒහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා ඔහුගේ නිවසේ දී නිරෝධායන ලක් කෙරුණා.
PCR පරීක්ෂණ වාර්තාවෙන් තරුණයා කෝවිඩ් ආසාදිතයකු බව අනාවරණය වීමත් සමඟ නිරෝධායනය කළ නිවසින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
534 Views
Comments