රන් මාල කොල්ලකෑමේ සිදුවීම් වාර්තා වෙයි - කාන්තාවන්ට අවදානයෙන් සිටින්නැයි උපදෙස්

විවිධ ස්ථානවල දී රන් මාල කොල්ල කෑමේ සිද්ධීන් කිහිපයක් පසුගිය දිනයන් වල වර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
යතුරුපැදිවලින් පැමිණ කාන්තාවන්ගේ පැළඳ සිටින රන්මාල කොල්ල කෑමට සංවිධානය වූ පිරිස් පිළිබඳ මෙලෙස තොරතුරු වාර්තා වී තිබෙනවා.
හුදකලා මාර්ග වල දී මෙලෙස රන් මාල කොල්ල කෑමේ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වේ.
මේ නිසා රන් මුදු මාල ඇතුළු ආභරණ පැළඳ යාමේදී එවැනි කොල්ලකරුවන් පිළිබඳ විමසිල්ලෙන් සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා.
815 Views
Comments