දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානම තවදුරටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානම තවදුරටත්

අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක වනවා.

 

දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ නිවේදනය කළා.

 

බදුල්ල, රත්නපුර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබෙන බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටියේ.

 

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලන්ගොඩ, ඉඹුල්පේ සහ  ඕපනායක, මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟවටකෝරළේ සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ දෙහි ඕවිට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි මෙම අවදානම පවතින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළා.

 

එබැවින් එම ප‍්‍රදේශවල කඳු,පෑවුම් ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි පදිංචි ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

 

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බැවින් කලා ඔය දෙපස ජනතාව විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි.

views

671 Views

Comments

arrow-up