OCT
21
ආනන්දේ ආදි සිසුන් විරෝධතාවයක

කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගම් හා වර්තමාන සිසුන්ගේ දෙමාපියන් අද පෙරවරුවේ ආනන්ද විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
ඒ විදුහලේ ඉදිකරමින් පවතින සත් සත්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් නිමවීමට ප්‍රථම හෙට දිනයේදී රජය විසින් විවෘත කිරීමට සූදානම් වන බව පවසමින්.
ඔවුන් චෝදනා කරන්නේ දේශපාලන වාසි තකා මෙම කටයුත්ත සිදුකරන බවයි. අද පෙරවරුවේ පැය දෙකක පමණ කාලයක් ඔවුන් එම විරෝධතාවයේ නියැළුණා. මේ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට ද කටයුතු කරන බව ආදි ශිෂ්‍ය සංගම් ප්‍රකාශ කරනවා.
571 Views
Comments