ජීව අත්බෝම්බයක් සහ අන්තරායකර ආයුධ සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විදෙස් රටක නිපදවු ජීව අත්බෝම්බයක් සහ අන්තරායකර තියුණු ආයුධ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ජනවාරි පළමුවෙනිදා සිංහපුර ප්‍රදේශයේ නිවාස තුනකට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු සහ ඔහුගේ තවත් ආධාරකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
733 Views
Comments