ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් ඡන්ද වැඩට බහී

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අදාළ කාල සීමාව තුළ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
ඒ , එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එළඹෙන ජනාධිපතිවරණ කාල සීමාවේදී ගං වතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
628 Views
Comments