A කාණ්ඩයේ රුධිරය ඇති අයට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක්?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

A කාණ්ඩයේ රුධිරය ඇති අයට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක්?

A කාණ්ඩයේ රුධිරය ඇති අයට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක්?

 "A" කාණ්ඩයේ රුධිරය ඇති පුද්ගලයින්ට නව කොරෝනා ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව චීන වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක මූලික අදියරේ දී සොයාගෙන ඇතැයි සවුත් චයිනා මෝර්නිංග් පෝස්ට වෙබ් අඩවිය පවසයි.

 

පරීක්ෂණය සිදු කර ඇත්තේ වුහාන් සහ ෂෙන්සෙන් නගරවල ආසාදිතයින් දෙදහසකට වැඩි පිරිසක් යොදා ගනිමින්.

 

එම පර්යේෂණයෙන් හෙළි වූ තවත් කරුණක් නම්  "O" රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් වෛසරයට වඩාත් ප්‍රතිරෝධී වන බවයි.

 

කෙසේවෙතත් මෙය තව දුරටත් අධ්‍යනය කළ යුතු බව පර්යේෂකයන් පවසයි.

 

කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදාබැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ.

 

ඒ අනුව එන්නත මේ සතිය තුළ දී අත්හදා බැලීම් සඳහා යොදාගැනීමට නියමිත බවද එරට වාර්තා සඳහන් කළේය.

 

නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් එන්නතක් නිපදවා තිබේ.

 

අදාළ එන්නත මුල් අවධියේ සායනික අත්හදාබැලීම් සඳහා භාවිත කිරීමට මේ වන විට අනුමැතිය හිමිවී තිබේ.

 

ඒ අනුව මේ සතිය තුළ දීම අත්හදාබැලීම ආරම්භ කරන බව පර්යේෂකයන් පවසයි.

 

චීන සායනික අත්හදාබැලීම් ලියාපදිංචි දත්ත වලට අනුව පළමු අදියර යටතේ අදාළ එන්නත පුද්ගලයන් 108දෙනෙකු යොදාගෙන පරීක්ෂා කෙරෙනු ඇති.

 

චීන හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ හොංකොංහි ලැයිස්තුගත ජෛව තාක්ෂණ ආයතනයක් වන කැන්සිනෝ බයොලොජික් ආයතනවල අධීක්ෂණය යටතේ එන්නත අත්හදා බැලෙනු ඇති.

 

මේ අතර අමෙරිකාවද නව කොරෝනා වෛරසය සඳහා එන්නතක් අත්හදා බලමින් සිටියි.

 

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසන්නේ ලබන වර්ෂයේ මැද භාගය තෙක් කිසිදු අනුමත හෝ සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලද එන්නතක් වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා නොකරන බවයි.

views

995 Views

Comments

arrow-up