රත්නපුරයෙන් පලමු කොරෝනා රෝගියා හමුවෙයි.. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්..
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

රත්නපුරයෙන් පලමු කොරෝනා රෝගියා හමුවෙයි.. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්..

රත්නපුරයෙන් පලමු කොරෝනා රෝගියා හමුවෙයි.. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්..

රත්නපුර දිස්ත්‍රික්කය තුළ හමුවූ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා හඳුනාගෙන තිබේ.

 

රත්නපුර මහ රෝහලේ දී මෙම රෝගියා හඳුනාගත් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

 

රත්නපුර නගරය ආශ්‍රිතව මැණික් ව්‍යාපාරයේ යෙදෙන මෙම පුද්ගලයා කොළඹ උණ රෝහලේ ප්‍රතිකාර ලබන දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරික කොරෝනා ආසාදිතයා සමග සම්බන්ධ වී සිටිය බවට ද තොරතුරු හෙළිව ඇත.

 

මෙම රෝගියා වහාම ජාතික උණ රෝහල වෙත මාරු කර ගැනීමට කටයුතු කර කර තිබේ.

 

ඔහු සමඟ සමීපව ඇසුරු කළ සියලු දෙනා මූලික රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව ළඟම පිහිටි රෝහලට ඇතුළත් වී අවශ්‍ය පරීක්ෂණ කටයුතු කර ගන්නා ලෙස ද ඉල්ලා සිටි.

 

මෙම මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු මැණික් ව්‍යාපාරික ස්ථානවල ව්‍යාපාරික කටයුතු අද දින සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර තිබේ.

 

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව එම දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

views

1012 Views

Comments

arrow-up