වෙඩිතැබීම කළ SB ගේ ආරක්ෂකයින් දෙදෙනා රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

වෙඩිතැබීම කළ SB ගේ ආරක්ෂකයින් දෙදෙනා රිමාන්ඩ්

වෙඩිතැබීම කළ SB ගේ ආරක්ෂකයින් දෙදෙනා රිමාන්ඩ්

ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කරේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  ගිනිගත්හේන පොලීසිය මගින් අද  (07) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනා හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පොකො ජානක ප්‍රේමසිරි, පොකො දුමින්ද ලක්මාල් යන නිලධාරින් දෙදෙනායි.

 

අදාළ  සැකකරුවන් දෙදෙනා 11 දින හඳුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

ගිනිගත්හේන පොලීසිය මගින් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරය වෙත  ඉදිරිපත් කරනු ලැබුවා.

views

681 Views

Comments

arrow-up