ජනපති ඇමරිකානු MCC ගිවිසුම අත්සන් තැබීම නවතයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ජනපති ඇමරිකානු MCC ගිවිසුම අත්සන් තැබීම නවතයි

ජනපති ඇමරිකානු MCC ගිවිසුම අත්සන් තැබීම නවතයි

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සදහා ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත දුරකථන මාර්ගයෙන් ඊයේ (31) සවස දැනුම් දී තිබෙනවා.

 


අමෙරිකාව සමග අත්සන් තැබිමට නියමිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්විමේදි අනුමැතිය හිමිවි තිබුණා.
කෙසේ නමුත් ජනාධිපතිවරයා මුල සිටම එම ගිවිසුම සදහා සිය විරෝධතාවය පළකර සිටි බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංච් මාර්ග සදහන් කලේ.

 


පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවි මෙම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරිම නවත්වන ලෙසට ඉල්ලීමක් කරනු ලැබුවා.

 


එහිදි ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා ඇත්තේ කැබිනට් රැස්විමේදි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සදහා අනුමැතිය හිමිවුවත් ජනාධිපතිවරණය අවසන් වෙන තෙක් එය අත්සන් නොතබන ලෙස තමන් දැනුම් දුන් බවයි.

 


මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබද යම් තීරණයක් ගන්නේ නම් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගත් පසු ජනමත විචාරණයකින් ඊට අනුමැතිය ලබාගන්නා ලෙසයි. 

 


ජනාධිපතිවරණයක් සදහා මුළු රටම සූදානම් වන අවස්ථාවකදී මෙවන් දෙයක් කඩිමුඩියේ සිදුකිරීමට යාම කිසිසේත් සුදුසු නොවන බවයි කාදිනල්තුමන් පෙන්වා දෙන්නේ. 

 


මේ සම්බන්ධයෙන් ඉකුත් මැයි මස 31 වනදා පැවති සාකච්ඡාවකදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබද ජනතාවගේ පොදු මතය විමසිය යුතු බවයි. 

 


එවන් පසුබිමක මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ  අනුමැතියද මේ දක්වා ලබාගෙන නොමැති බවයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 


මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද ඊයේ නිවේදනයක් නිකුත් කළා. ඔහුද කියාසිටියේ මේ සම්බන්ධයෙන් ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි. 

 

 

 

 

 

 

 

views

855 Views

Comments

arrow-up