ශ්‍රීලනිපය පරදවන්න චන්ද්‍රිකා - සජිත් ගිවිසුම්ගත වෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් නව දේශපාලන ගිවිසුමට අත්සන් තැබීම කොළඹදී අද (01) සිදුකෙරුණා.
එක්සත් ජාතික පෙරමුණ, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් මෙන්ම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට එක්වුණා.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ කොළඹ දී අද (01) අවබෝධතා ගිවිසුමකට එළඹුණා.ඒ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
725 Views
Comments