ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය අද දෙවන දිනටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය අද දෙවන දිනටත්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය අද දෙවන දිනටත්

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් සිදු කෙරෙනවා. 
ඒ අනුව ඊයේ දිනයේ සිය තැපැල් ඡන්දය භාවිත කිරිමට නොහැකි වු තැපැල් ඡන්දදායකයින්ට අද පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා කාලය තුළ සිය රාජකාරී ස්ථානයේදී ඡන්ද ප්‍රකාශ  කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. 

 


මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ  කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් ගණන හය ලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක්. 
මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

 

ලබන 4 වන දින සහ 5 වන දිනවලදී පොලිස් ස්ථාන, දිස්ත්‍රික්ලේකම් කාර්යාලය සහ මැතිවරණ කාර්යාලවල නිළධාරීන්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

 

මෙම දිනවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු තැපැල්ඡ න්ද දායකයින් සිටිනම් ඔවුන් ලබන 07 වන දින තමන් සේවය කරන දිස්ත්‍රික්කයට අයත් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය සළකුණූ කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. 

 

ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය සළකුණූ කිරීම සාමකාමීව පැවතිබව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ සියයට අසූවක් පමණ ඊයේ දිනය තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. 

 

views

640 Views

Comments

arrow-up