ජනාධිපති කරන්නේ කවුද? - ශ්‍රී ලංකා අගරදගුරු සංගමයෙන් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ජනාධිපති කරන්නේ කවුද? - ශ්‍රී ලංකා අගරදගුරු සංගමයෙන් නිවේදනයක්

ජනාධිපති කරන්නේ කවුද? - ශ්‍රී ලංකා අගරදගුරු සංගමයෙන් නිවේදනයක්

 

ඉදිරි ජනාධිපතිවරණයේදී අවංකභාවයට මුල් තැන දෙමින් සියලු ජනතාවගේ අයිතීන් හා නිදහස සුරක්ෂිත කරනා ප්‍රජාතන්ත්‍රික අයිතීන් සුරකින සහ රටේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපවෙමින් සියලු දෙනා සමග ඒකාග්‍රතාවයෙන් සේවය කළ හැකි සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා බුද්ධිමත්ව සහ ධෛර්යවත්ව තීන්දු තීරණ ගන්නා ලෙසට ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සම්මේලනය සියලු රටවැසියන්ගේ අවධානය යොමු කර සිටිනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සංගමය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා පක්ෂ දේශපාලනය අභිබවා යා යුතු බවයි.

 

පාස්කු ඉරුදින සිදුවූ කුරිරු ප්‍රහාරයෙන් විපතට පත් අහිංසක ජනතාව සිහිපත් කරමින් ආගමික අන්තවාදය සහ ජාතිවාදය මුලිනුපුටා දමා රටේ සියලු ආගම් හා ජාතින් අතර සාමකාමී සහජීවනය ඇතිකරලීමට කටයුතු කරන ලෙස මෙහිදී ශ්‍රී ලංකා අගරදගුරු සංගමය සියලුම නායකයින්ගෙන් ඉල්ලා සිටියි.

 

අනාගත ජනාධිපතිවරයා ඇතුළු රජය ආගමික නිදහස, ජාතික ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික සංවර්ධනය, රටේ තිරසාර සංවර්ධනය සඳහා අනාගත පරපුර වෙනුවෙන් ස්වභාවික සම්පත් මානව කළමනාකරණය කිරීමේ වගකීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තින් සකසනු ඇති බවට බලාපොරොත්තුවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

මහා පරිමාන දුෂණ හේතුවෙන් රටේ සංවර්ධනය ආපස්සට දමමින් රටේ ජනතාව දුගී බවට හා වේදනාවට පත් කරන බැවින් ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා ඇතුළු නායකයින් සියලුම දුෂණ අක්‍රමිකතා සහ දුෂණ මුලිනුපුටා දැමීමට පියවර ගත යුතු බවයි.

 

ස්වකිය ජන්ද බලය රටේ පොදු යහපත උදෙසා නිවැරදිව සහ බුද්ධිමත්ව භාවිතා කිරීම රටේ සියලු පුරවැසියන්ගේ අයිතිය හා යුතුකම බවත් ඉදිරි මැතිවරණයේදී උතුම් වූ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් සේ සලකා ජන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සංගමය සියලු කිතුනුවන් ගෙන් හා ශ්‍රී ලාංකි ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි.

 

මැතිවරණ සමය තුල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ අයහපත් ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවත් ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කරන නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරඹයා සියලු ජනාධිපති අපේක්ෂකයින්, ආධාරකරුවන්, සමාජ මාධ්‍ය හා සියලුම වගකීව යුතු බලධාරීන් මැතිවරණ නීති අකුරටම පිළිපදිනු ඇති බවට බලාපොරොත්තුවන බවයි ශ්‍රී ලංකා අගරදගුරු සංගමය සඳහන් කරන්නේ. 

 

පත්වන ජනාධිපතිවරයා සහ රජය සැබෑ සංවර්ධනයක් සඳහා රටත් ජනතාවත් මෙහෙයවනු ඇති බවට සිය ප්‍රාර්ථනාව බවයි ශ්‍රී ලංකා අගරදගුරු සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

 

 

views

758 Views

Comments

arrow-up