සිංහල බෞද්ධ පදනම මත වූ උපක්‍රම නිසා දෙමළ අයිතිවාසිකම් මිය යනවා – TNA
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

සිංහල බෞද්ධ පදනම මත වූ උපක්‍රම නිසා දෙමළ අයිතිවාසිකම් මිය යනවා – TNA

සිංහල බෞද්ධ පදනම මත වූ උපක්‍රම නිසා දෙමළ අයිතිවාසිකම් මිය යනවා – TNA

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත් සිංහල බෞද්ධ පදනමක් මත බහුතරය දිනා ගැනීමට දේශපාලන උපක්‍රම සෙවීම නිසා මේ රටේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් මිය යන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසුවා.

 


මන්ත්‍රීවරයා එසේ පැවසුවේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පැවති උත්සවයක් අමතමින්.

 


බහු ජාතීන් වෙසෙන රටක පාලන ක්‍රමය සකස් විය යුත්තේ එක් භාෂාවකට හා අගමකට සීමා වන පරිද්දෙන් නොව විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගරු කරන ක්‍රමයක් ඔස්සේ බවද මාවෙයි සේනාධිරාජා මෙහිදී පැවසුවා.

 


එවැනි පාලන ක්‍රමයක් බිහිවීම තුළින් සුළු ජාතිය මහ ජාතියට ගරු කිරීමක් හා ඔවුන් සමග සාමූහිකව ජීවත් වීම නිරන්තරයෙන්ම සිදුවන බව කී මන්ත්‍රීවරයා එසේ නොවූ විට වෛරය, ක්‍රෝධය පෙරදැරි වූ සමාජයක් බිහිවන බවද කියා සිටියා.

 


සිංහල බෞද්ධ ජනතාව සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ඡන්දය ප්‍රකාශ කරන විට දෙමළ ජනතාව අසරණ වන බැවින් ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීම කිසිම හරයකින් තොරව සිදුවන්නක් බවට පත්වන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

 


ජාතිවාදය පදනම් කරගෙන දේශපාලන ව්‍යාපාර මෙහෙයැවීම හා රජයන් තැනීම මේ රටේ තවදුරටත් සිදු නොවිය යුතු බවද මාවෙයි සේනාධිරාජා මෙහිදී සඳහන් කළා.

 

views

700 Views

Comments

arrow-up