වත්කම් වගකීම් හෙළිකරන්න නව කෙටුම්පතක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

වත්කම් වගකීම් හෙළිකරන්න නව කෙටුම්පතක්

වත්කම් වගකීම් හෙළිකරන්න නව කෙටුම්පතක්

වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම සඳහා ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පෞද්ගලික පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මාධ්‍යවේදීනුත් ඇතුළත්. ඒ අනුව ජනාධිපතිවරයා, කථානායකවරයා, කැබිනට්, නියෝජ්‍ය සහ වෙනත් ඇමැතිවරුන් මෙන්ම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් සහ වගකීම් ප්‍රකාශ කළ යුතුයි.

 

ඊට අමතරව අධිකරණ නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන් හා ඇමැති මණ්ඩලය විසින් පත්කරන නිලධාරීන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස පත්වන සිවිල් සමාජයේ පුද්ගලයන්ද කොමිෂන් සභා සාමාජිකයන් හා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීහුද වත්කම් හා වගකීම් වාර්ෂිකව ප්‍රකාශ කළ යුතුයි. 



එමෙන්ම විදේශ දූත මෙහෙවර සඳහා පත්වන මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් හා කොන්සල්වරුන්ද, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ද වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීම අනිවාර්ය කර තිබෙනවා.

 

ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන යන මැතිවරණවලට සම්බන්ධ වන පිළිගත් දේශපලාන පක්ෂවල නිලධාරීන් එම මැතිවරණවලට නාම යෝජනා ඉදිරිපත්කරන අපේක්ෂකයන්, අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර සඳහා යොදවන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, සභාපතිවරුන්, වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්ද වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරී‍මේ පනතට යටත්විය යුතුයි.

 

තවද පුවත්පත් ආයතන හිමිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද මෙම වත්කම් සහ වගකීම් ප්‍රකාශ කළ යුතුයි.

views

666 Views

Comments

arrow-up