ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30ක් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30ක් !

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30ක් !

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30 (තිහකට) ආසන්න ප්‍රමාණයක් සිටින බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක එල්.ඩී.කිත්සිරි මහතා සඳහන් කරනවා.

 

රත්නපුර නගරයේ පැවැති “ජලභීතිකාවෙන් තොර හෙටක්” ජාතික ජලභීතිකා මර්දන වැඩටහනට එක් වෙමින් ඔහු මේ බව පැවැසුවා. වාර්ෂිකව සුනඛයින්  61000 පමණ වද සැත්කමට ලක්කරන බවත් ඒ සඳහා මේ වසරේදී රුපියල් ලක්ෂ 1000 (දහසක්) පමණ වැය වී ඇතැයි අධ්‍යක්ෂවරයා කියා සිටියා.

 

මේ වසරේදී බල්ලන් සපා කැමට  ලක වු මිනිසූන් දෙලක්ෂ පනස්දහසකට ජලභිතිකා එන්නත ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3500 (තුන්දාස් පනසියක්) පමණ මුදලක් වැය වූ බව වෛද්‍ය එල්.ඩී කිත්සිරි මහතා මෙහිදී පැවසුවා.

 

ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා බල්ලන් ලක්ෂ 12 (දොලහකට) රුපියල් ලක්ෂ 500 (පන්සියයක්)පමණ මුදලක් මෙම වර්ෂය සදහා වැයවී තිබෙනවා.

 

ජලභීතිකා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙම වර්ෂයේදී විසි හයක් පමණ වූ බවත්, වැඩිම බලු ගහනයක් ඇති පළාත බස්නාහිර පළාත බවත් අඩුම බලුගහනයක් ඇති පළාත වනුයේ නැගෙනහිර පළාත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

views

653 Views

Comments

arrow-up