මැච් ගහන්න ක‍්‍රීඩකයෝ දන්නවා වුනාට ග්‍රවුන්ඩ් වලින් ගහන්න දන්නේ දේශපාලඥයෝ

රුපියල් ලක්ෂ 80,000 ක වියදමකින් හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට සූදානම් වන දැවැන්ත ක්‍රීඩාංගණය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා අදහස් දක්වනු ලැබුවා.
ඒ කොළඹදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදීයි.
ආර්ථිකය කඩා වැටෙමින් පවතින මෙරට ප්‍රමුඛතාවන් නිවැරදිව හඳුනා ගත යුතුව පවතින බවත් සංචාරක කර්මාන්තය හරහා අපේක්ෂිත ඇමරිකන් ඩොලර් බිලියන 5ක ආදායමෙන් බිලියන 1ක මුදලක්වත් උපයා ගැනීම අසීරු කාර්‍යයක් වී ඇති බවත් එම මහතා පවසනවා.
ග්‍රීෂ්ම ඍතුව වෙනුවෙන් සාදන ලද ඇඳුම් ගොඩ ගැසී ඇති බවත් එම කර්මාන්තශාලා මුහුණ දී ඇති අපහසුතාවයෙන් ගොඩ ඒමට ප්‍රාග්ධන සහාය ලබාදිය යුතු බවත් එම මහතා පෙන්වා දෙනවා.
රටේ අයවැය හිඟය අවම කිරීම උදෙසා ආනායනය පාලනය පමණක් ප්‍රමාණවත් නොවන අතර අපනායනය ද වැඩි කළ යුතු බවත් ඉදිරියේදී එන ශීත ඍතුව වෙනුවෙන් ඇඟලුම් නිෂ්පාදනය කිරීමට එම සමාගම් දිරිමත් කිරීම සිදු කළ යුතුව පැවතුනත් එය සිදුවන බවක් නොපෙනෙන බවත් මරික්කාර් මහතා පවසනවා.
බිලියන 8ක මුදලක් වැය කර ක්‍රීඩාංගණයක් සෑදීමට සැරසෙන්නේ මෙවන් තත්වයක් තිබියදී බව පෙන්වා දෙන එම මහතා මෙසේද පවසනවා ‘
“ක්‍රීඩකයො තමයි දන්නේ මැච් ගහන විදිහ. හැබැයි ක්‍රීඩාංගණයෙන් ගහන විදිහ දන්නේ ආණ්ඩුවේ දේශපාලඥයෝ.”
877 Views
Comments