වරකාපොළ නගරය 23 දා තෙක් වසා දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

වරකාපොළ නගරය 23 දා තෙක් වසා දමයි

වරකාපොළ නගරය 23 දා තෙක් වසා දමයි

කොරෝනා වෛරසය ආසාධිත බවට වරකාපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු හමුවීමත් සමග ලබන 23 වනදා තෙක් නගරයේ අත්‍යාවශ්‍ය සේවා හැර සියලුම කඩසාප්පු වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

 


ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත, පොලිසියේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ පවුර සංවිධානයේ මැදිහත්වීම මත කඩහිමියන් ස්වේච්චාවෙන්ම මෙම තීරණයට පැමිණ ඇත.

 


මෙහිදී අත්‍යවශ්‍ය සේවා සපයන ඔසුසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, සමුපකාරය සහ සතොස ආයතන විවෘතව තැබීමට තීරණය කළ බවත් අනෙකුත් සියලුම කඩසාප්පු වසා දමන බවත් පවුර සංවිධානයේ චන්දන හේරත් මහතා පැවසී ය.

 


කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති මන්ත්‍රීවරයා පසුගිය දිනවල ප්‍රියසම්භාෂණ, දේශපාලන රැස්වීම් ආදී ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ක්‍රියාකාරීව සිට ඇත. එබැවින් ලබන 23 වනදා වනවිට ප්‍රදේශයේ තත්වය සළකා බලා සතුටුදායක තත්වයක් පවතී නම් එදින සිට යළි නරයේ වැඩ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් චන්දන හේරත් මහතා පැවසී ය.

 


අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිදු මොහොතක නගරයට පැමිණීමෙන් වලකින ලෙසත් නිකරුනේ මහජනතාව අතර නොගැවසී තම තමන්ගේ නිවෙස්වලට ම වී සිටින ලෙසත් මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසී ය.

 

views

9413 Views

Comments

arrow-up