FEB
19
මෙවර මහ මැතිවරණය සඳහා වියදම රුපියල් කෝටි 500 කට අධිකයි

ඉදිරි මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 500 කට අධික මුදලක් වැයවෙනු ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු රජයට දැනුම් දෙන බවයි.
මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාළ මූලික ලියකියවිලි සකස් කිරීම මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු පැවසීය.
මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය මත පදනම්වයි.
609 Views
Comments