වාහන 06 ක් ගැටෙයි – අධිවේගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

වාහන 06 ක් ගැටෙයි – අධිවේගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

වාහන 06 ක් ගැටෙයි – අධිවේගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්

වර්ෂාව සහිත කාළගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60 ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි. 

 

අද (21) පෙරවරුවේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 06 ක් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇතැයි ගැලණිගම පොලිසිය කියයි.

 

මාර්ගය අපැහැදිළි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයද අනතුරට ලක්ව ඇති අතර,  දියණිය සමග මෝටර් රථයේ ගමන්ගත් සේවිකාවක තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

 

ජීප් රථයක් වම්පස ආරක්ෂක වැටෙහි ගැටී ඇති අතර, මෝටර් රථයක් එම රථයේ ගැටී ඇත. බත්තරමුල්ලේ සිට කාර්යාල සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක ද ගැටී ඉදිරියෙන් වූ මන්ත්‍රී දියණිය ගමන්ගත් මෝටර් රථය පෙරළී ඇත. ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථයක්ද එහි ගැටී අනතුරට ලක්ව ඇත.

 

මන්ත්‍රී දියණියගේ රිය පෙරළුණු පසු සුළු ගිනිගැනීමක් හටගෙන ඇති අතර, කාර්යාල සේවිකාවන් රැගත් බස් රියේ සේවිකාවන් සතුව තිබූ ජල බෝතල්වලින් ගින්න නිවා දමා ඇත.

 

මෙහිදී බස් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි ගැලණිගම පොලිසිය ප්‍රකාශ කළේ.

 

අනතුරු හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් වාහන විනාඩි කිහිපයක් නතර කර තැබීමට සිදුවූ බවත් පොලිසිය පවසයි.

 

දක්ෂිණ රථවාහන පොලිසිය සහ ගැලණිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

734 Views

Comments

arrow-up