රත්තරන් තොගයක් ගුවන් තොටෙන් පන්නන්න ගිය සේවකයා කොටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

රත්තරන් තොගයක් ගුවන් තොටෙන් පන්නන්න ගිය සේවකයා කොටු

රත්තරන් තොගයක් ගුවන් තොටෙන් පන්නන්න ගිය සේවකයා කොටු

රන් බිස්කට් හා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපලෙන් පිට කිරිමට ගෙන යමින් සිටි ගුවන්තොටුපළ සේවකයකු අද (22) අත්අඩංගුවට ගත් බව  වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පවසනවා.

 

රේගුව බාරයට ගත් රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටි 4ක් සහ ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් වනවා.

 

සැකකරු මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් ගෙනයාම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් වූ අයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

 

තරුණයා තම දෙකකුල්වල  බත් කෙණ්ඩ ප්‍රදේශවල පාර්සල් 5 ක් ලෙස සකස් කර සුදු පැහැති ගම් ටේප් යොදා අලවා ගෙන තිබිණා.

 

එහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 40 ක් සහ කිලෝ ග්‍රෑම් 1 යි , ග්‍රෑම්  400 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

views

717 Views

Comments

arrow-up