ලිහිල් කළ සීමා භාවිතය පරිස්සමෙන් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

ලිහිල් කළ සීමා භාවිතය පරිස්සමෙන් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ලිහිල් කළ සීමා භාවිතය පරිස්සමෙන් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කරනු ලබන පසුබිමක කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

 

ශ්‍රී ලංකාව රටක් ලෙස සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කළද සමාජය තුළ කොරෝනා වෛරස් ආසාදිතයෙකු නොමැති බව තහවුරුවක් ලබාදීම සඳහා තවත් කාකලයක් ගතවනු ඇති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

 

සමාජ දුරස්ථභාවය, අත් සේදීම මෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳීම රට විවෘත වුවද අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ ය.

 

ශ්‍රී ලංකාව තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ 53,092 ක් සිදු කර තිබෙනවා.

 

ඊයේ දිනයේ පමණක් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,998 කි.

views

748 Views

Comments

arrow-up