මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මනාප අංක ගැසට්ටුව නවතී..
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මනාප අංක ගැසට්ටුව නවතී..

මැතිවරණ කොමිසමේ දැඩි මත ගැටුම්.. මනාප අංක ගැසට්ටුව නවතී..

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය හා මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තුළ එකඟතාවයක් නොමැති වීම නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා දේශපාලන පක්ෂ දැඩි අසීරුතාවයකට පත්ව සිටී.

 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ කොමිසමේ නිලධාරීන් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති නමුත් කොමිසමේ ඇතැම් සාමාජිකයන් දැඩි මත දැරීම නිසා එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති අතර මැතිවරණ කොමිසමේ නිලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය කාලවලදී යුද ගැටුම්,ස්වභාවික විපත්,කෝලාහල, වසංගත ආදිය පැවැත්වෙද්දී අවශ්‍ය ආකාරයට කළමනාකරණය කර ගනිමින් මැතිවරණ පැවැත්වූ බවයි.

 

නමුත් මෙම අවස්ථාවේදී මැතිවරණය නොපැවැත්වීමෙන් කොමිසම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය ගිලිහෙමින් පවතින බවද ඔවුන්ගේ අදහසයි.

views

904 Views

Comments

arrow-up