"අම්ෆන්'' සුළිකුණාටුව හෙට චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි - වැස්ස වැඩි වෙයි

ගිණිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වී ඇති "අම්ෆන්'' සුළිකුණාටුව හෙට දිනයේදී චණ්ඩ සුළිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළිකුණාටුව පවතින මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසයි.
කෙසේවෙතත් මෙම සුළි කුණාටුව එළැඹෙන විසිවනදා බංග්ලාදේශ වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරයි.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට හෙට දිනයේදී මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රෙද්ශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රෙද්ශවල මුහුදු රළ මීටර් 2.5ක් පමණ ඉහල යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඉදිරි පැය 24 තුළ දී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රෙද්ශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එම මුහුදු ප්‍රෙද්ශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා සුළගේ වේගය ක්ෂණිකව ඉහළයාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම අකුණු අනතුරු වලින් වැළකී සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි.
එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල මාතර මාතලේ රත්නපුර කලුතර කෑගල්ල කොළඹ මහනුවර නුවරඑළිය සහ කුරුණෑගලයි.
802 Views
Comments