“ආරක්ෂක අංශවල වැටුප් රජයට එපා” – ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

“ආරක්ෂක අංශවල වැටුප් රජයට එපා” – ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

“ආරක්ෂක අංශවල වැටුප් රජයට එපා” – ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මුල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂකදෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටිනවා.

 

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මුල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

 

මෙම ඉල්ලීමෙන් පසුව අමාත්‍යාංශය විසින් සියළුම ආයතන ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් යවා ඇති අතර, වර්තමාන මුල්‍යමය අපහසුතාවය මඟහරවා ගැනීම සඳහා ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් මැයි මස වැටුපෙන් යම් ප්‍රමාණයක්, වැටුපෙන් අඩක්, සතියක හෝ දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇත.

 

“ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දරගේ ඉල්ලීමට අනුව තම අභිමතය පරිදි ඔවුන්ගේ වැටුප් පරිත්‍යාග කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.” යැයි මෙහිදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

 

සමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.

views

767 Views

Comments

arrow-up