අත්අඩංගුවට ගත් රිෂාඩ් ගැන මූලික විමර්ශන අැරඹේ

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මූලික විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.
මන්ත්‍රීවරයා අද අලුයම අත්අඩංගුවට ගෙන තිබුණේ දෙහිවල ප්‍රදේශයේ දී.
පුත්තලම ප්‍රදේශයේ අවතැන් පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීමට රැගෙන යාම සඳහා ලංගම බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණේ.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 6ක් ඔවුන් අත්අඩංගුවට ගැනිම සඳහා යොදවා තිබුණා.
දින 6ක් පමණ පොලීසිය මගහරිමින් සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
716 Views
Comments