එක්සත් අරාබි රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම් බවට අනතුරු ඇඟවීමක්

එක්සත් අරාබි රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් එක්සත් අරාබි රාජ්‍යයේ කොළඹ පිහිටි තානාපති කාර්යාලය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එහි නිල ට්විටර් ගිණුමෙන් මේ බව ඔවුන් ප්‍රකාශ කරයි.
ඒ අනුව අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාර කිරීමෙන් වළකින ලෙස ඔවුන් දන්වා සිටිනවා.
මේ පිළිබඳව තොරතුරක් අවශ්‍ය නම් +94 112-301-601 හෝ +971 800-444-44 යන අංක අමතන ලෙසත් ඔවුන් දන්වයි.
අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත්, ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමෙන් වළකින ලෙස දන්වමින් ඔවුන් සිය රට වැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ බවයි ගල්ෆ් පුවත් සේවය වාර්තා කරන්නේ.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය ඔවුන් තවදුරටත් දිගු කිරීමට කටයුතු කර තිබේ.
ගල්ෆ් පුවත් සේවය ඇසුරෙනි
633 Views
Comments