වැඩ පහසු කරන මයික්‍රොවේව් උඳුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

වැඩ පහසු කරන මයික්‍රොවේව් උඳුන්

වැඩ පහසු කරන මයික්‍රොවේව් උඳුන්

වර්තමානයේ දී කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන ගෘහණියන්ට මුළුතැන්ගෙයි වැඩකටයුතු කරගැනීමට වෙන් කර ගත හැකි වන්නේ ඉතාමත් සුළු වේලාවක්. එම වේලාව උපරිම ප්‍රයෝජනයට ගනිමින් සියලුම වැඩ නිමකර ගැනීමට ඇයට සිදුවී ඇත. ගෘහණියකට පවතින දහසක් වැඩ පහසු කර ගැනීමටයොදාගත හැකි උපකරණයකි මයික්‍රෝවේව් උදුන.

 

ගෘහණියන්ගේ වැඩිම ඉල්ලුම ඇති මුළුතැන්ගෙයි උපකරණ අතර මයික්‍රෝවේව් උදුන පෙරමුණේ සිටී. ක්ෂුද්‍ර තරංග තාක්ෂණය මුළුතැන්ගෙයි කටයුතු සඳහා රැගෙන ඒමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවන මයික්‍රෝවේව් උදුන ප්‍රමාණාත්මකව සහ අවශ්‍යතාවය අනුව වර්ග කිහිපයකින් යුක්තයි. ඔබගේ පවුලේ අවශ්‍යතාවයට අනුව විවිධ ප්‍රමාණ වලින් සැකසූ උදුන් වෙළඳපොලේ දක්නට ලැබේ. උඳුනේ ඇතුලත ඉඩකඩ ප්‍රමාණවත් දැයි නිරීක්ෂණය කිරීම ඔස්සේ ඔබේ පවුලට සෑහෙන microwave උදුන ක් මිලදී ගත හැකියි. සාමාන්‍යයෙන් සාමාජිකයන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් සිටින කුඩා පවුලකට ප්‍රමාණයෙන් කුඩා උදුනක් සෑහේ. ආහාර පිසීමට රත්කිරීමට සහ ආහාර වල අයිස් ඉවත් කිරීම සඳහා වන උදුන්, ග්‍රිල් කිරීමේ පහසුකම් සහිත උදුන්, බේක් කිරීමේ කටයුතු සඳහා භාවිතා කළ හැකි උදුන් ලෙස මයික්‍රෝවේව් උදුන් අවශ්‍යතාව අනුව ද තෝරාගත හැකියි.

 

මයික්‍රොවේව් උදුනේ ආහාර පිසීමෙන් ආහාරයෙහි පෝෂණ ගුණයට කිසිදු හානියක් සිදු නොවේ. පිසින ලද ආහාර ශීතකරණයේ ගබඩා කර රත් කර ආහාරයට ගන්නා එදිනෙදා රැකියාවට යන කාන්තාවන්ට මයික්‍රෝවේව් උදුන වඩාත් පහසුව ගෙන එයි. මයික්‍රෝවේව් උදුන ආහාර රත් කිරීමට මෙන්ම ආහාර පිසීමටද ගෘහණියන්ට භාවිතා කළ හැක. එමගින් එළවළු පිස ගැනීම මෙන්ම ප්‍රධාන ආහාර වේලට අමතරව සැකසෙන කෙටි ආහාර සහ අතුරුපස ද කාර්යක්ෂමව අඩු කාලයකින් සකසා ගැනීමට හැකියි. දින කිහිපයක් වුවද තබාගතහැකි මාළු ඇඔුල් තියල්, පොලොස්, සීනි සම්බෝල වැනි ආහාර මයික්‍රොවේව් උදුනේ පහසුවෙන් පිස ගත හැක. ශීතකරණයෙන් ඉවතට ගත් ආහාර කාමර උෂ්ණත්වයට පැමිණෙන තෙක් නොසිට ක්ෂණිකවම පිස ගැනීමේ හැකියාව මයික්‍රෝවේව් උදුන නිසා ඔබට හිමිවේ. එමෙන්ම ආහාර රඳවන හා පාර්සල් විවෘත කිරීමෙන් තොරව ඒ ආකාරයටම තබා උණුසුම් කර ගැනීමට හැකියි.

 

මයික්‍රෝවේව් උදුන් තුළ තබන්නට සුදුසු ceramic, පෝසිලේන්, අධික උෂ්ණත්වයේ පිසිය හැකි වීදුරු භාජන, පැතලි හැඩයෙන් පතුලක් ඇති මැටි භාජන ආදී බදුන් පිලිස්සීමකින් හෝ වෙනත් හානි වීමකින් තොරව පිටතට ගැනිය හැකි වීම මෙහි තවත් වාසියකි. මයික්රොවේව් උදුන් සඳහාම විශේෂිත වූ භාජන භාවිතා කිරීම ඔබගේ සෞඛ්‍යයට ද වඩාත් සුදුසුයි. ගෘහණියන්ට ආහාර රත්වනතුරු අනවශ්‍ය ලෙස gas cooker ළඟ සිටිය යුතු කාලය මයික්‍රෝවේව් උදුන නිසාවෙන් වෙනත් කාර්යයකට යෙදවිය හැකියි. මයික්‍රෝවේව් උදුන භාවිතයෙන් ආහාර පිසීමේදී පළමුව උෂ්ණත්වය තෝරාගත යුතුය. දෙවනුව වේලාව සකසා උඳුන ක්‍රියාත්මක කළ යුතු අතර මයික්‍රොවේව් උදුනේ ආහාර පිසීමේදී ඊට අවශ්‍ය කරන ජලය හෝ දියර වර්ග එක් කළ යුතු අතර ආහාර පිසීමේදී පියනකින් වසා පිසීම සිදු කළ යුතුයි. මයික්‍රෝවේව් උදුන භාවිත කිරීමෙන් පසුව පිරිසුදු කිරීමේදී දුර්ගන්ධය නැති කිරීම සඳහා ජල බඳුනකට දෙහි කැබැල්ලක් දමා උපරිම උෂ්ණත්වයේ විනාඩි දෙකක් උඳුන ක්‍රියාත්මක කර තැබිය යුතුයි. කාර්යබහුල ගෘහණියන්ට ආහාර පිසීමේදී භාවිතා කළ හැකි හොදම මිතුරා මයික්රොවේව් උදුනයි.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source: Internet

views

684 Views

Comments

arrow-up