ඉන්සියුලින් නික්ෂේපණය ගැන දැන සිටිය යුතු කරුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

ඉන්සියුලින් නික්ෂේපණය ගැන දැන සිටිය යුතු කරුණු

ඉන්සියුලින් නික්ෂේපණය ගැන දැන සිටිය යුතු කරුණු

දියවැඩියා රෝගයෙන් පෙළෙන ඇතැමුන්ට එන්නත් නැත්නම් නික්ෂේපණ ආකාරයෙන් ඉන්සියුලින් ලබා දීමට සිදු වෙනවා. එවැනි අය විශේෂයෙන් දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ඉන්සියුලින් මගින් රුධිර සීනි මට්ටම පහත හෙළීම සිදු කරනු ලබනවා. එමගින් රුධිරයේ සීනි මට්ටම පාලනයකට ලක් වෙනවා. වෛද්‍යවරයා විසින් ඔබට නියම කළ ඉන්සියුලින් වර්ගය පමණක්ම සිරගත කර ගැනීම වැදගත් වෙනවා. ඉන්සියුලින් හම යටට විදින්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා කලවා ප්‍රදේශය නාභිය ප්‍රදේශය තට්ටම් ප්‍රදේශය හෝ අතේ ඉහල ප්‍රදේශය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා. ඉන්සියුලින් විදීමට නියමිත සිරින්ජරය හෝ පෑන භාවිතා කිරීම ඊට සුදුසුයි.

උදේ දවල් රාත්‍රි ප්‍රධාන ආහාර ආහාරවේල් තුනට විනාඩි පහළොවකට හෝ තිහකට පෙර ඉන්සියුලින් විදීම කළ යුතු වෙනවා. ඉන්සියුලින් නියම කළ ප්‍රමාණයට වඩා ගතහොත් ආහාරය අඩුවෙන් ගත්තා නම් හෝ බලාපොරොත්තු වූවාට වැඩියෙන් ව්‍යායාම යෙදුනා නම් සීනි මට්ටම අවම ඇතිවී කලන්තය හෝ සිහිමුර්ජාව ඇතිවිය හැකියි. කල්පනාව අඩු වීම දාඩිය දැමීම හෘදය වේගයෙන් ගැහීම ඇති ඇතිවුවහොත් ග්ලූකෝස් අහුරක් හෝ පැණි රස කෑමක් ආහාරයට ගැනීම සුදුසු වෙනවා. ඉන්පසු ඔබේ වෛද්‍යවරයා හමුවීම සිදුකළ යුතු අතර ඔබ විද ගන්නා ඉන්සියුලින් ප්‍රමාණය අඩු කිරීමට මෙහිදී සිදුවිය හැකියි.

වෛද්‍ය උපදෙස් නොමැතිව කිසි දිනෙක ඉන්සුලින් විද ගැනීම නවත්වන්න එපා. ඔබට ආහාර අරුචිය වමනය ඇති වුවහොත් වහාම වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගත යුතු වෙනවා. දියවැඩියාවෙන් පෙළෙන බවට දැක්වෙන කාඩ්පත නිතර ළඟ තබා ගැනීමෙන් හදිසි අවස්ථාවකදී පවුලේ පුද්ගලයන්ට වුවත් එය ප්‍රයෝජනයට ගතහැකි වෙනවා.

දියවැඩියා ප්‍රතිකාරයේ වැදගත්ම සොයා ගැනීම ලෙස ඉන්සුලින් හෝර්මෝනය සැලකෙනවා. ඊළඟට වැදගත්ම සොයා ගැනීම ලෙස සැලකෙන්නේ රුධිර සීනි මට්ටම සොයා ගැනීම සඳහා යොදා ගන්නා ග්ලුකෝමීටර් නිෂ්පාදනය කිරීමයි. දියවැඩියා රෝගීන් සුවයක් ලබාගත හැක ගත හැක්කේ ආහාර පාලනය ව්‍යායාම සහ ඖෂධ භාවිතය මගින්. ඉතින් මේ කියන කාරණා නිසි ආකාරයෙන් ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවාද යන්න මැන බැලීමට රුධිරයේ සීනි මට්ටම මැන බැලිය යුතු වෙනවා. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මැන බලන මේ ග්ලුකෝමීටරය දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගියෙකුට අත්‍යවශ්‍ය උපාංගයක් බවට පත්ව තිබෙනවා. එය යොදා ගැනීමෙන් ආහාර ගැනීමට පෙර ආහාර ගැනීමෙන් පසු ව්‍යායාමයට පෙර හා පසු ප්‍රතිකාර ගැනීමට පෙර හා පසු හෝ වෙනත් රෝගී තත්වයක් ඇතිවූ විටකදී විනාඩි දෙකක් ඇතුළත තමන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම මැන බලා ගැනීමට හැකියාව ලැබෙනවා.

එසේ මැන බලා ගන්නා රුධිර සීනි මට්ටම අනුව රෝගියා ලබාගත යුතු ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරනවා.

 

 

 

 

 

 

 

by DIiki Shamani

Photo source: Internet

views

715 Views

Comments

arrow-up